අධි සුඛෝපභෝගී බස්රථ 50 ක් නැවත ධාවනයට එක්කරයි

September 20, 2023 - 2:16 PM
දිනකට ලක්ෂ 50 ක ආදායමක් ලංගමට අහිමි කරමින් ධාවනයෙන් ඉවත් කර ඇති අධි සුඛෝපභෝගී බස්රථ 50 ක් ඉතිරි මාස හය තුළ නැවත ධාවනයට එක් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

දිනකට රුපියල් ලක්ෂයකට වඩා ශුද්ධ ලාභයක් ඉපයිය හැකි මෙම බස් රථ 50 කට අධික ප්‍රමාණයක් කටුබැද්ද අංගනයේ ගාල්කර තිබෙන බව සඳහන්.

ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමකින් අනතුරුව ඉතිරි මාස හයක කාලය තුළ මෙම බස් රථ 50 නැවත ධාවනයට එක් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
(lknews.lk)