රිලා පෙත්සම් විභාගය නවතියි

September 13, 2023 - 10:35 AM
රිලවුන් ලක්‍ෂයක් චීනයට අපනයනය කීරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වන සත්ත්ව ආරක්‍ෂණ සංවිධාන ගොනු කොට ඇති පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කළා. 

ඒ එම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදීයී. 
 
අභියාචනාධිකරණය අවසානයේ තීරණය කළේ, මෙරට රිලවුන් විදේශවලට අපනයනය කිරීමේ සූදානමක් නැති බවට නීතිපතිවරයා අධිකරණයට දුන් ප්‍රතිඥාවකට අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමටයි. 
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් රජය ලබාදුන් එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් සඳහන් කර තිබුණා.
(lknews.lk)