ඡන්ද පත්‍රිකා බෙදූ තැපැල් කරුවෙක්ට පහර දෙයි

September 08, 2024 - 12:25 PM
ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුවෙක්ට පහර දීමක් සිදු වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ  කතාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වී ඇති බවයි.

පහර දුන් පුද්ගලයා කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 45ක ජාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව ගොස් ඇති අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



(lknews)