දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට ජය

April 11, 2024 - 12:31 PM
දකුණු කොරියාවේ ඊයේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව පාර්ලිමේන්තු බලය තහවුරු කර ගැනීමට එම පක්ෂය සමත් වී තිබෙනවා.

වත්මන් ජනාධිපති යුන් සුක් යෝල්ගේ මහජන බලය පක්ෂය දරුණු පරාජයක් ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පරාජයත් සමඟ අගමැති හන් ඩුක් සූ සහ මහජන බලය පක්ෂයේ සභාපති හැන් ඩොංග් හූන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)