ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

September 09, 2024 - 11:59 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලන්ගොඩ පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේදී බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිලිබඳ වැඩිදුර විමර්ෂණ බලන්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.


(lknews)