දිය නෑමට ගිය තරුණයෙකුට දිවි අහිමි වෙයි

August 04, 2024 - 10:35 AM
උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙම තරුණයා ඊයේ (03) ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

(lknews)