හෙට සිට මාර්තු 11 දක්වා කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

February 04, 2024 - 5:04 PM
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා.

ඒ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් එම මාර්ග ආශ්‍රිතව භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන්.

හෙට (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමට නියමිතයි.

පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබෙන බව සඳහන් වනවා.

එහි තුන්වන අදියර යටතේ මාර්තු 05 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත පෙරහැර මාවත ආශ්‍රිතව රෝටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.
(LKNEWS)