අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හරියි

November 07, 2024 - 12:18 PM
අගමැති කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර තිබෙනවා.

එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ ද්විත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම පැවරීම සිදු කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

(lknews.lk)