කැබිනට් අනුමැතියෙන් ඖෂධ හිඟ බිල්පත් ගෙවීමට කඩිනමින් මුදල්

October 26, 2023 - 7:17 PM

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ගිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා මුදල් වෙන් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය බැංකු හරහා මේ සඳහා වන ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද (26) මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ.

එමෙන්ම මසකට වැඩි සෞඛ්‍ය බිල්පත් ගෙවා අවසන් කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
(lknews.lk)