බංග්ලාදේශයෙන් ඖෂධ තොගයක් ලංකාවට

November 02, 2023 - 6:00 PM
බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේ දී ලැබීමට නියමිතයි.

එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක්ද ඇති බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ඒ අතර ඇති බවද මහකොමසාරිස්වරයා සඳහන් කර ඇති බව සඳහන්.

මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
(lknews.lk)