බංග්ලාදේශයෙන් ප්‍රදානයක්

September 26, 2023 - 7:56 AM

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් බංග්ලාදේශයෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංග්ලාදේශ අගමැතිනියගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුවයි මෙම ප්‍රදානය ලැබීමට නියමිතයි.

ඒ අනුව බංගලිදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇති.

එම ඖෂධ අතර පිළිකා සහ වකුගඩු රෝගවලට ලබා දෙන අත්‍යවශ්‍යම ඖෂධ රැසක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මීට අමතරව පවතින ඖෂධ හිඟයට යම් විසඳුමක් මේ තුළින් ලැබෙන බවත්, ඉදිරියේදී දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස ශ්‍රී ලංකාව හා බංගලිදේශ රජයන් අතර රාජ්‍ය මට්ටමේ ඖෂධ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේ රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙල රැසක් මේ මොහොතේ ගනු ලබමින් සිටින බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අවධාරණය කළා.
(lknews.lk)