එස්. ජයශංකර් සහ තාරක බාලසූරිය අතර හමුවක්

July 12, 2024 - 3:52 PM
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ පැවති දෙවන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය එක් වුණා.

මෙම සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය අතර හමුවක් සිදු වී තිබෙනවා.

එහිදී වැඩිදියුණු කළ සම්බන්ධතාව සහ කලාපීය සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)