පක්ෂ ලේකම්වරු හා කොමිසම අතර හමුවක්

October 15, 2024 - 9:42 AM
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාවද මෙය වනවා.

ඒ අනුව අද (15) දිනයේදී එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රයද නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(lknews.lk)