ජනතාවට තැපෑලෙන් පණිවිඩයක්

April 17, 2024 - 5:38 PM
දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩ යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්කුමාර පවසනවා.

ඔහු සඳහන් කළේ වංචනික අයුරින් සකස් කළ වෙබ් අඩවියක් සහ ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් ජනතාව රවටන ජාවාරමක් සිදුවන බවයි.

මෙම ජාවාරම තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව භාවිතා කරමින් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.   

(lknews.lk)