වසරේ අලංකාරම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේදීත්

December 14, 2023 - 6:19 PM
වසරේ අලංකාරම උල්කාපාත වර්ෂාව මේ දිනවල රාත්‍රී අහසේ දැක ගැනීමට හැකියාව පවතිනවා.

තාරකා විද්‍යාඥයින් පවසන පරිදි එහි උපරිම අවස්ථාව අද සහ හෙට පවතින අතර මෙම උල්කාපාත වර්ෂාව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිවීමත් විශේෂත්වයක්.

මිථුන රාශිය පසුබිම් කරගනිමින් හටගන්නා බැවින් මෙම උල්කාපාත වර්ෂාව Geminids උල්කා වර්ෂාව ලෙස තාරකා විද්‍යාඥයින් හඳුන්වනු ලබනවා.

උල්කා වර්ෂාවක් සාමාන්‍යයෙන් වල්ගා තරුවක් නිසා හටගන්නා නමුත් Geminids උල්කා වර්ෂාවේ විශේෂත්වය වන්නේ එය ග්‍රාහකයක සුන්බුන් මගින් නිර්මාණය වීමයි.

මෙම උල්කා වර්ෂාව හටගන්නේ ෆේතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘතුවි වායුගෝලයේ ගැටීමෙන්.
(lknews.lk)