විද්‍යාපීඨ ශික්ෂණලාභීන් ඔන්ලයින් ක්‍රමයට බඳවාගැනීමෙන් මිලියන 10ක ඉතිරියක්

September 11, 2024 - 7:45 PM
මෙවර විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීම මඟින් රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා.

ගියවර මේ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වී ඇත්තේ මිලියන 3.5ක මුදලක්.

එමඟින් රජයට රුපියල් මිලියන 10ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙනවා.

මින් පෙර ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූවත් මෙවර එම බඳවාගැනීම් මාස 04ක් වැනි කෙටි කාලයක් තුළ කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා කියා සිටියා.

මෙරට විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(lknews)