දේව මෙහෙයට ගිය කෝටිපතියාට වුණු දේ

December 25, 2023 - 11:27 AM
උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් හා මුදල් තොගයක් අද (25) අලුයම නිවැසියන් නොමැති අවස්ථාවේදී සොරා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය පවසනවා.

කෝටිපති පොල් හා ඉස්සන් ගොවිපොළක ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් සොරුන් විසින් මෙසේ කොල්ලකා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තම බිරිඳ හා දරුවන් සමග පුනපිටිය ජේසු බිළින්දා දේවස්ථානයේ ඊයේ (24) රාත්‍රි පැවති නත්තල් දේව මෙහෙයට ගොස් ආපසු අද අලුයම නිවසට පැමිණෙන විට නිවසේ තිබු රන් හා මුදල් කොල්ලකා තිබෙනවා.

පසුව ආදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සොරකම පිළිබඳව උඩප්පුව පොලිස්ථානයේ වැඩබලන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.
(lknews.lk)