ගාසා තීරයේ කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

September 10, 2024 - 11:23 AM
ගාසා තීරයේ රෆා පිහිටි 'අල් මවාසි' අවතැන් කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතර තවත් 60දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ නිවෙස් අත්හැර පලා ගිය පලස්තීනුවන් මෙම කඳවුරේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.


(lknews)