ජංගම දුරකථන හා ලැප්ටොප් තොගයක් රාජ සන්තක කරයි

August 11, 2024 - 11:16 AM
තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා පියවර ගෙන තිබෙනවා.

මෙරටට පැමිණි ගුවන් මඟින් තිදෙනෙකු විසින් ඊයේ (10)  අලුයම මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගෙනවිත් තිබුණු බවයි වාර්තා වන්නේ.

ඩුබායි සිට මෙරටට පැමිණි ඔවුන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

රුපියල් ලක්‍ෂ 16ක දඩ මුදලක් ලබා ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂකවරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)