අසල්වැසි ඉන්දියාවෙන් මන්කි පොක්ස් අසාදිතයෙක් හමුවෙයි

September 09, 2024 - 9:52 AM
විදේශ රටවල මේ වන විට ව්‍යාප්ත වී තිබෙන වඳුරු උණ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් ඉන්දියාවෙන් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම අසාදිතයා වඳුරු උණ වෛරසය පවතින රටවල සිට ඉන්දියාවට පැමිණි අයෙක් බවයි.

එම අසාදිතයා මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇතිබව වාර්තා වෙනවා.

එමෙන්ම එම අසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත් වූ අය පිළිබඳව මේ වන විට සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බව ඉන්දීය සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත පවසා තිබෙනවා.



(lknews)