මෙරට පවුල්වලින් 60%කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී

December 28, 2023 - 1:16 PM
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

එම සමීක්ෂණයට අනුව මෙරට පවුල් 60.5%ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් 91%ක මාසික වියදම වැඩි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

වර්තමානයේ දී පවුල් 3.4%ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් 36.6%ක ආදායම ‍නොවෙනස්ව පවතින බව වාර්තා වනවා.

ආදායම් අඩු වූ පවුල්වලින් 73.6%ක් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් 6%ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදී කරුණු සමීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
(lknews.lk)