යුධ සමයේ සඟවා තිබූ මෝටාර් අවියක් හමුවෙයි

April 08, 2024 - 1:59 PM
යුධ සමයේ කොටි ත්‍රස්තවාදීන් විසින් සඟවා ඇති බවට විශ්වාස කෙරෙන මෝටාර් අවියක් හමු වී තිබෙනවා.

මෝටාර් අවිය සොයාගෙන ඇත්තේ පෙරියතට්ටමුරු ප්‍රදේශයේ පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් විසින් බව වාර්තා වනවා.

එම මෝටාර් අවිය මිලි මීටර් 81 වර්ගයේ බවයි සඳහන් වන්නේ.

මෙය මුලින් හමු වී ඇත්තේ වගා කටයුතු කරමින් සිටි පිරිසකටයි.

මේ පිළිබඳව ඔවුන් පොලිස් විශේෂ බලකායේ නිලධාරීන්ට දැනුම් දුන් පසු නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.
 

(lknews.lk)