බස්රථ අලංකරණය වෙනුවෙන් අවසර දෙන්න නාමල් පෙනී සිටියි

October 19, 2023 - 8:30 PM
ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
 
ජනතාවට හානි නොවනවානම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බව ද ඔහු සඳහන් කළා. 
 
මාර්ගනීති කඩකරනවානම් හෝ ජනතාවට අපහසුතූවයක් ගෙන දෙනවානම් ඊට නීති තිබෙන බවත් ඒවා ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසන්නේ. 
 
ඒ අනුව ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කළ බස්රථ වලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා. 
 
මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස්රථ බලපත්‍ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ. 
 
බස්රථ හිමියන් සහ නාමල් රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකළා.
(lknews.lk)