ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් වෙයි

April 09, 2024 - 1:07 PM
මේ වසරේ සිට ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කණා මුට්ටිය බිඳීම වාසනා මුට්ටිය බිඳීම ලෙසත් අන්ධයාට කිරි කැවීම සගයාට කිරි කැවීම ලෙසත් වෙනස් කර තිබෙනවා.

මෙහි දී සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සඳහන් කළේ අබාධිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමට මෙම තීරණය ගත් බවයි.

(lknews.lk)