නව පනත් කෙටුම්පතක් ගැසට් කරයි

September 26, 2023 - 9:11 AM
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය අනුව පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ සැප්තැම්බර් 22 වැනිදායි.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත්වන සමාජයක් ගොඩ නැංවීම සඳහා ප්‍රතිසන්ධාන කාර්යාලයක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව සඳහන්. 
(lknews.lk)