අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නමින් නව ආයතනයක්

February 23, 2024 - 9:47 AM
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම් වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඊට අදාළ කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව නව කොමිෂන් සභාව බලාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
(lknews.lk)