ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

April 18, 2024 - 6:27 PM
ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Stuart Law ඇමෙරිකාවේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඇමෙරිකාව විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මොහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරඟ 50කට වඩා ක්‍රීඩා කර ඇති බවයි සඳහන්.

එමෙන්ම 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සමඟ තරග කර අනුශූරයන් බවට පත් වූ කණ්ඩායමේද ඔහු සිටිය බවයි වාර්තා වන්නේ.  

කෙසේ නමුත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමද සහභාගී වන අතර ඒ හේතුවෙන් විශාල කාර්යභාරයක් ඔහුට හිමිවන බව සඳහන්.

(lknews.lk)