වගා රක්ෂණ බෝග අතරට නව බෝගයක්

February 13, 2024 - 12:27 PM
වගා රක්ෂණ බෝග අතරට රතුළුණු ද එක් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දැනටමත් නොමිලේ රක්ෂණාවරණයක් ලබා දෙන බෝග අතරට රතුළුණු ද එක් කරන ලෙසයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ.

රතු ළුණු වගාවේදී සිදුවන හානිය සඳහා අක්කරයකට රුපියල් 40,000 බැගින් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පිරිනමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
(lknews.lk)