ග්‍රාම සේවා නිලධාරින් 4,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව බඳවා ගැනීම්

September 08, 2023 - 1:07 PM
පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරි තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍යඅමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසනවා. 

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 
 
එමෙන්ම මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(lknews.lk)