නේපාලයට නව අග්‍රාමාත්‍යවරයෙක්

July 15, 2024 - 11:30 AM
හිටපු නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත්වීමත් සමඟ නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා.

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමත් සමග එරට නව අමාත්‍ය මණ්ඩලය අද (15) දිවුරුම් දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(lknews)