අලුත් මුද්දරයක් හෙට

February 29, 2024 - 4:07 PM
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක් සැපිරීම වෙනුවෙන් වන සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම හෙට (1) සිදු කිරීමට නියමිතයි.

එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාර තැන්පත් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නීති විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනවා.

1874 වසරේදී ආරම්භ කරන ලද නීති විද්‍යාලය මෙරට පැරණිතම වෘත්තීය අධ්‍යාපන ආයතනය මෙන්ම මෙරට නීති වෘත්තියට ප්‍රවේශ වීමේ ද්වාරය ලෙස ද කටයුතු කරනවා.  
(lknews.lk)