කොළඹ වාහන ගාල් කිරීමට නව ක්‍රමවේදයක්

July 31, 2024 - 11:44 AM
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහා නගර සභාව පවසනවා.

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න සඳහන් කළේ එක කලාපයක් සඳහා කොන්ත්‍රාත්කරුවෙක් යෙදවීමට නියමිත බවයි.

මෙම ක්‍රමය තවත් මාස 2ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

(lknews)