මැතිවරණ කොමිසමට අදාළව හුවමාරු වන පුවත අසත්‍යක්

August 10, 2024 - 4:48 PM

මැතිවරණ කොමිසමට නව කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව පවසමින් සංසරණය වන පුවත අසත්‍යක් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.


එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල කියා සිටියේ කිසිම විටෙක සංසරණය වන සබැඳිය විවෘත නොකරන ලෙසයි.

තවද එය සයිබර් වංචාවක් විය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(lknews)