අද ගම්බිම්වල යන්න තදබදයක් නැහැ - ගැමුණු

April 11, 2024 - 8:45 AM
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අද (11) සිට ගම්බිම් බලා ‍යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව යාමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව හෙට (12) සවස් කාලයේ බස් රථවල තදබදයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පුණ්‍ය කාලය එළඹෙන තෙක් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය වන බවයි.


(lknews.lk)