පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට ප්‍රහාරයක්

December 12, 2023 - 3:03 PM
වයඹදිග පාකිස්තානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඉස්ලාමීය කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම පිරිස විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් හප්පා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තාන තලිබාන් කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

හමුදා කණ්ඩායමක් රැඳී සිටි එම ගොඩනැගිල්ලේ මීට පෙර පොලිස් ස්ථානයක් ස්ථාපනය කර තිබූ බව සඳහන්.
(lknews.lk)