ඡන්දහිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

August 05, 2024 - 2:01 PM
එළබෙන ජනාධිපතිවරණයේදී ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍යක් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.

ඡන්දහිමියන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කළ නිල ඡන්ද දැන්වීම්පතක් ඉදිරියේදී තැපෑල මඟින් දැනුම්දෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව වැඩිදුරටත් සඳහන්.


(lknews)