ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

June 18, 2025 - 11:04 AM
ඉරානය විසින් එල්ල කරන ප්‍රහාරවල වැඩිවීමක් ඉදිරියේදී සිදු විය හැකි බව වාර්තා වීම හේතුවෙන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර දැනුම්දී තිබෙනවා. 

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මහජන ඒකරාශීවීම් සිදු නොකරන ලෙස දැනුම්දීමත් සමඟ පොසොන් පොහොයට සමගාමීව ටෙල්අවිව්හී පැවැත්වීමට නියමිතව තිබූ පින්කම් සහ දන්සැල්ද කල් දමා ඇති බවයි. 
 
(lknews)