සා/පෙළ අයදුම්කරුවන්ට දැනුම් දීමක්

May 03, 2024 - 5:06 PM
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේදී ද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ද හෙට පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)