දහම් පාසල් අවසන් පත්‍ර විභාගය ගැන දැනුම්දීමක්

December 26, 2023 - 12:26 PM
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

විභාග දෙපාර්තුමේන්තුව පවසන්නේ මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දැනටමත් දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර යවා ඇති බවයි.

මෙතෙක් එම ප්‍රවේශ පත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www. doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.
(lknews.lk)