ඉන්ධනහල් වෙත දැනුම් දීමක්

December 23, 2023 - 5:15 PM
උත්සව සමයේ තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට වගබලා ගත යුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව පිරවුම් හල් තුළ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වා ගත යුතු බව බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)