විභාග දෙපාර්තමේන්තුවෙන් ජනපති අපේක්ෂකයන්ට දැනුම්දීමක්

September 14, 2024 - 3:33 PM
මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (15) විභාග මධ්‍යස්ථාන 2,849දී පැවැත්වෙනවා.  

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බාධා වන අයුරින් හෙට (15) දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි.
 
එමෙන්ම විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව හෙට (15) පෙරවරුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් තුන් ලක්ෂ විසිතුන් දහස් 879 ක් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.


[lknews]