මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් පහළට

February 25, 2024 - 9:11 AM
ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී ඇති බව එම ඒකකය ප්‍රකාශ කළා.

ජනවාරි මාසයේදී  60 කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධිඅවදානම් කලාප සංඛ්‍යාව ද 24ක් දක්වා අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පෙබරවාරි මාසයේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 5,181ක් බව සඳහන්.

නමුත් ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 10,417 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඉතා ඉහළ සංඛ්‍යාවක් බවයි සඳහන් වන්නේ.
(lknews)