ඩෙංගු රෝගීන් ගණන ඉහළට

September 17, 2024 - 1:54 PM
2024 වසරේ ජනවාරි 01 වනදා සිට ඊයේ (16) දක්වා කාලය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එය 24.8%ක ප්‍රතිශතයක් ලෙසයි වාර්තා වන්නේ.

එමෙන්ම ප්‍රදේශ 10ක් අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට ද සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

මේ වසරේ ගෙවී ගිය කාලයේ ඩෙංගු රෝගය වැළඳීම නිසා මරණ 17ක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.


(lknews)