ශ්‍රී ලංකාවේ දුප්පතුන් ගණන ඉහළට

April 06, 2024 - 12:08 PM
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව වාර්තා වනවා.

එය ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව හෙළි වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

එම වාර්තාවට අනුව මෙලෙස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූ නිසා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(lknews.lk)