පොලීසියේ අකාර්යක්ෂමතා දැනුම්දීමට නව අංකයක්

October 22, 2024 - 8:03 PM
පොලීසිය තුළ යම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවට කියා සිටියේ 1197 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මේ පිළිබඳව  දැනුම්දෙන ලෙසයි.

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමටද එම දුරකථන අංකය මීට පෙර හඳුන්වා දී තිබෙනවා.


(lknews.lk)