සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන දවස විභාග කොමසාරිස් කියයි

October 16, 2023 - 7:30 PM
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. 

විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේදිනවල කෙරෙන බවයි ඔහු සඳහන් කළේ. 
 
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2022 පසුගිය මැයි මාසයේදී මධ්‍යස්ථාන 3,568 කදී පැවැත්වුණා. 
 
පරිගණකගත කිරීමේ කටයුතු අවසන්වූ වහාම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)