අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යවලට දැමූ අයට වැඩ වරදියි

January 19, 2024 - 3:52 PM
2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමාජ ජාලවලට මුදා හැර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා පවසනවා. 

ළමා හා කාන්තා කාර්යාංශයේ 'අයි මැක්' නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ මෙම හඳුනාගැනීම සිදු කර තිබෙනවා. 
 
ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබදව විමර්ශන ආරම්භ වී ඇති බව සඳහන්.. 
 
ඒ සෑම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළදී සිදුකරන බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.
(lknews.lk)