ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුවට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙක් අද මානව හිමිකම් කොමිසමට

September 26, 2024 - 10:44 AM

විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද (26) මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

විභාගය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මානව හිමිකම් කොමිසමට ලැබීම හේතුවෙන් අදාළ කැඳවීම කළ බව මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

(lknews.lk)