බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කිසිඳු අයිතියක් නැහැ - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

June 21, 2024 - 11:15 AM
අධිකරණ කටයුතු පැහැර හරින හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කරන හා ඒ සඳහා අනුබල දෙන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආඥා පනතට අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

වැටුප් වැඩිවීමක් ඉල්ලා බන්ධනාගාර නිලධාරීන් ලබන 26 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට මාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබූ කරුණු සැළකිල්ලට ගෙන නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

(lknews)