ලෝකයේ පැරණිම කුකුළු බිත්තරය එංගලන්තයෙන් හමුවේ

February 14, 2024 - 2:06 PM
එංගලන්තයේ අයිල්ස්බරි හි බෙරිෆීල්ඩ්ස් ප්‍රදේශයේ කැණීමකදී වසර 1700ක් පමණ පැරණි කුකුළු බිත්තරයක් හමු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බිත්තරයේ කහ මදයට හා සුදු මදයට කිසිදු හානියක් සිදු වී නොමැති අතර ස්වභාවික ආකාරයෙන්ම පවතින බවයි සිදු කළ පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇත්තේ.
 
එය ස්වභාවිකව ආරක්ෂා වී මිනිසාගේ මැදිහත් වීමකින් තොරව පවතින ලොව පැරණිතම බිත්තරය බවට ඔක්ස්ෆර්ඩ් හි විද්‍යාඥයෙකු වන එඩ්වඩ් ව්වුල්ෆ් විශ්වාස කරන බව ඔහු පවසනවා.
(LKNEWS)